නවීන යක්ශයකුගේ ආගමනය

 නවීන යක්ශයකුගේ ආගමනය


කොරෝනා වසංගතයෙන් මුළු ලොවක් උඩු යටිකුරු වී ඇති අවස්ථාවක අපට දැනගන්නට ලැබුනේ රුසියාව විසින් කිසිවකුට මෙල්ල කල නොහැකි අති නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ යුධ ටැංකියක් නිර්මාණය කර ඇති බවයි.

වර්ථමාන ලෝකයේ පවතින ඉතාම ඉහල තාක්ෂණික මෙවලම් වලින් සපිරි යුධ ටැංකි ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට මෙම රථයට හැකි වී තිබෙනවා.

සම්පූර්ණ ඩීසල් එන්ජිමකින් සහ ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් තුලින් ධාවනය වන මෙම යුධ ටැංකියට අශ්ව බල 2000කට අධික බලයක් සහිතව පැයට කිලෝමිටර් 80-90 අතර වේගයකට පහසුවෙන් ලගා විය හැකිය.

මිනිසුන් තිදෙනෙකුට පහසුවෙන් ගමන් කල හැකි මෙම යුධ ටැංකියේ තවත් විශේෂයක් වන්නේ මේ දෙසට එල්ල වන ඕණෑම රොකට් හෝ මිසයිල ප්‍රහාරයකට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාවයි.

සාමාන්‍යය යුධ ටැංකි නාශක බෝම්බ ප්‍රහාරයකට විනාශ කර නොහැකි පරිධි මෙය සකසා ඇති අතර ටොන් 43ක් බරැති මෙය නිර්මාණය කිරීමට ඇමරිකානූ ඩොලර් මිලියන 3.8ක මුදලක් වැය වේ.

මෙහි උස මීටර් 8.7 ක් සහ පළල මීටර් 3.5 ක් වන අතර උසින් මීටර් 3.5 ක් වන මේ යක්ෂයාට කිලෝමිටර් 500ක දුරක් අවරණය කිරීමට ද හැකිය.

@Brain©

Comments

Popular posts from this blog

පාර්ලිමේන්තු පනතකින් සර්පයින් තහනම් කර ඇති ලොව එකම රට

පෘතුවියේ පිපුන පලවෙනි මල