පෘතුවියේ පිපුන පලවෙනි මල
පෘතුවියේ පිපුන පලවෙනි මල
ක්‍රිටේශියස් යුගය යනු පෘතුවි ජීවයේ ස්වර්ණමය අවධියයි..එනම් සිතා ගැනීමට නොහැකි තරම් විශාල උරගයින් රජ කරපු අවධියයි.
එනම් වසර මිලියන 125කට පෙර ශාක පත්‍ර පමනක් මතුපිට දක්නට ලැබුනු ශාක වලට අමතරව මල් පිපෙන ශාක මිහිමත පරිනාමය වීමයි.
අදින් වසර මිලියන 125කට පමන පෙර වර්ථමානයේ ඊසාන දිග චීනය ලෙස හදුන්වන ප්‍රදේශයේ දී මිහිමත පලමු පුශ්පය හට ගන්නට ඇතැයි පරිසරවේදීන් ප්‍රකාශ කරනවා.ඔවුන් මෙය ප්‍රකාශ කරන්නේ වසර ගනනාවක් තිස්සේ සිදු කරන පොසිල විශ්ලේෂණයෙන් අනතුරුවයි.
මෙම ආදිකල්පිත පුශ්ප පොසිලය Archaefructuc liaoningensis යනුවෙන් හදුන්වනවා.මෙම මල් විශේෂය ඉතා කුඩා මල්පෙති දෙකකින් සහ ඉතාම කුඩා පත්‍ර කිහිපයකින් සමන්විත වෙනවා.
සුලග සහ ජලය මගින් වෙනුවට ඉතිහාසයේ පලමු වතාවට සතුන් මගින් ව්‍යාප්ත වී අභිජනනය සිදුවන ශාක ඉන් අනතුරුව පෘතුවිය මත බිහි වීම ආරම්භ කරනු ලෑබු අතර එතෙක් කල් අසම්පූර්ණව පැවති ආහාර ධාමය යම්තාක්.දුරකට හෝ සම්පූර්ණ වීම ඉන් අනතුරුව සිදුවුනා.
ඒ වගේම මීට වසර මිලියන ගනනාවකට පෙර මිහිමත වාසය කරන ලද ඩයිනොසර් සත්වයින් ද මෙම සපුශ්පික ශාක පරාගනයට මහත් සේ දායක උනු අතර ඔවුන්ගේ සංක්‍රමණික රටාවන් මහද්වීප පුරාවටම සිදු වීමත් සමගම මෙම මල් පිපෙන ශාක ද මුලු පෘතුවිය වටාම ව්‍යාප්ත වුනා.
@brain©

Comments
Post a Comment