පාර්ලිමේන්තු පනතකින් සර්පයින් තහනම් කර ඇති ලොව එකම රට
පාර්ලිමේන්තු පනතකින් සර්පයින් තහනම් කර ඇති ලොව එකම රට
ලෝකයේ සර්පයින්ගේ මහ ගෙදර ලෙස හදුන්වන්නේ ඕස්ට්‍රේලියාවයි.එයට හේතුව වන්නේ එකිනෙකට වෙනස් සර්ප විශේෂ 140කට වැඩි ප්‍රමාණයක් එහි ජීවත්වීමයි.නමුත් ඕස්ට්‍රේලියාවට ආසන්නම රට වන නවසීලන්තයේ කිසිම සර්පයකු දක්නට ලැබෙන්නේ නෑ..
පෘතුවි භූ තැටියෙන් සහ පොසිල ආශ්‍රිත ගවේශනයන්ගෙන් ලබා ගත් තොරතුරු අනුව වසර මිලියන 100කට ආසන්න ඉතිහාසයේ එකදු සර්ප පොසිලයක් හෝ නවසීලන්තයෙන් හමු නොමැත.
පොසිලකරනයට අනුව පෘතුවියෙන් හමු වූ ලොව පැරණිම සර්ප පොසිලය හමුවී ඇත්තේ එංගලන්තයෙනි.එය වසර මිලියන 167ක් තරම් පැරණිය.ඒ වගේම ජුරාසික් යුගයට අයත් සර්ප පොසිල ඇමරිකාවෙන් සහ පෘතුගාලයෙන් ද හමු වී තිබෙනවා.
ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ වාසය කර ඇති පැරණිම සර්ප විශේෂය වන්නේ මැටිඩ්සොයිඩී නම් විශේෂයයි..වැඩිදුරටත් සිදු කරන ලද ගවේෂණයන්ගෙන් පසු මෙම සර්ප විශේෂය මහද්විප කිහිපයකින් හමු වී තිබෙනවා.
නමුත් ඕස්ට්‍රේලියාවෙන් හමු වූ මෙම සර්ප පොසිලය වසර් මිලියන 50කට ආසන්න වුවද භූ විද්‍යා පරික්ෂකයන්ගේ මතය වන්නේ ඒ වන විට සිදු වූ යම් භු විශමතා හේතුකොටගෙන නවසීලන්තය ඕස්ට්‍රේලියාවෙන් වෙන් වී නවසීලන්ත දුපත් සමූහය බිහි ඇති බවත් ඒ හේතුව නිසා මෙම සර්පයින්ට එම දුපත් වෙත සංක්‍රමණය වීමට නොහැකි වූ බවත් ය.
වර්ථමානයේ ද ගව බලල් වැනි සත්ව ගහනය සිදු වූවත් කිසිදු ලෙසකින් සර්පයින්ට නවසීලන්තය තුල වාසය කිරීමට කිසිදු අවස්ථාවක් නොමැත.
වර්ෂ 1895 දී බිහි වූ සත්ව ආරක්ශක පනත අනුව නවසීලන්තයට සර්පයින් ගෙන ඒම සපුරා තහනම් වන අතර නවසීලන්තයට පැමිණෙන නැව් සහ ගුවන්යානා විශේෂ පරික්ෂාවකටද ලක් කරනු ලබනවා.
අද වන විට නවසීලන්තය සර්පයින් ප්‍රතික්ෂේප කරන ප්‍රධානම හේතුව වන්නේ ස්වදේශීය වන ජීවි සම්පත් රැක ගැනීමයි..එයට හේතුව වන්නේ වසර මිලියන ගනනකට පෙර සිට සර්පයින් නොමැතිව පරිනාමය වී ඇති මෙම ජීවීන්ට සර්පයින්ගෙන් ආරක්ෂා වීමට නොහැකි වීමත්.යම් හෙයකින් සර්පයින් නවසීලන්තය තුල බෝ වුවහොත් මෙම ස්වදේශිය ජීවින් ආහාරයට ගැනීමෙන් ආහාර ධාමය විනාශ වී නවසීලන්ත පරිසර පද්ධතිය බිද වැටීමයි.
ඒ අනුව අපට පැහැදිලි වන්නේ ඉතිහාසයෙ මෙන්ම අනාගතයේදී ද කිසිදු ආකාරයකින් සර්පයින් නවසිලන්තය තුල සත්වෝද්‍යානයකවත් දැක ගැනීමට නොහැකි බවය.
_________________________________
සර්පයින් වාසය නොකරන වෙනත් දුපත් රටවල් වන්නේ ඇන්ටාටිකාව,අයිස්ලන්ත,ග්‍රීන්ලන්තය,අයර්ලන්තය,නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් වැනි රටවල්ය.
@brain©

Comments
Post a Comment