Tik tok ඉන්දියාවේ තහනම්

Tik tok ඉන්දියාවේ තහනම්


Tiktok / we chat ඇතුළු චීනයට සෘජු හා වක්‍රාකාරයෙන් සම්බන්ධතා ඇති පරිගණක හා ජංගම ඇප්ලිකේශන් හා මෘදුකාංග 59 ක් ඉන්දියාව තුල සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඉන්දියානු මධ්‍යම රජය තීරනය කොට තිබෙනවා.

දේශසීමා ආශ්‍රිතව ඇති වූ ගැටලූකාරී තත්වය හා චීනය විසින් දිගින් දිගටම ඉන්දියාව වෙත එල්ල කරනු ලබන අභ්‍යන්තර බලපෑම හේතුවෙන් මෙය සිදු කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

මෙම මෘදුකාංග සහ ඇප්ලිකේශන් භාවිතා කරමින් චීනය අනෙක් රටවල් වල ඔත්තු බැලීම වැනී නීති විරෝධී කටයුතු සිදු කරන බවටද ඉන්දියාව ප්‍රකාශ කර සිටියා.

ලෝකයේ චීනයට පසු වැඩිම ජනතාවක් සිටින ඉන්දියාවේ මෙම ඇප්ලිකේශන් හා මෘදුකාංග තහනම් කිරීම හේතුවෙන් චීනයට දැඩි ආර්ථික පසුබෑමක් එල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන් වැඩිදුරටත් සදහන් කරා.

@brain©

Comments

Popular posts from this blog

නවීන යක්ශයකුගේ ආගමනය

පාර්ලිමේන්තු පනතකින් සර්පයින් තහනම් කර ඇති ලොව එකම රට

පෘතුවියේ පිපුන පලවෙනි මල