Posts

Tik tok ඉන්දියාවේ තහනම්

Image
Tik tok ඉන්දියාවේ තහනම් Tiktok / we chat ඇතුළු චීනයට සෘජු හා වක්‍රාකාරයෙන් සම්බන්ධතා ඇති පරිගණක හා ජංගම ඇප්ලිකේශන් හා මෘදුකාංග 59 ක් ඉන්දියාව තුල සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඉන්දියානු මධ්‍යම රජය තීරනය කොට තිබෙනවා. දේශසීමා ආශ්‍රිතව ඇති වූ ගැටලූකාරී තත්වය හා චීනය විසින් දිගින් දිගටම ඉන්දියාව වෙත එල්ල කරනු ලබන අභ්‍යන්තර බලපෑම හේතුවෙන් මෙය සිදු කර ඇති බවටයි වාර්තා වෙන්නේ. මෙම මෘදුකාංග සහ ඇප්ලිකේශන් භාවිතා කරමින් චීනය අනෙක් රටවල් වල ඔත්තු බැලීම වැනී නීති විරෝධී කටයුතු සිදු කරන බවටද ඉන්දියාව ප්‍රකාශ කර සිටියා. ලෝකයේ චීනයට පසු වැඩිම ජනතාවක් සිටින ඉන්දියාවේ මෙම ඇප්ලිකේශන් හා මෘදුකාංග තහනම් කිරීම හේතුවෙන් චීනයට දැඩි ආර්ථික පසුබෑමක් එල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන් වැඩිදුරටත් සදහන් කරා. @brain©

පෘතුවියේ පිපුන පලවෙනි මල

Image
පෘතුවියේ පිපුන පලවෙනි මල ක්‍රිටේශියස් යුගය යනු පෘතුවි ජීවයේ ස්වර්ණමය අවධියයි..එනම් සිතා ගැනීමට නොහැකි තරම් විශාල උරගයින් රජ කරපු අවධියයි. එනම් වසර මිලියන 125කට පෙර ශාක පත්‍ර පමනක් මතුපිට දක්නට ලැබුනු ශාක වලට අමතරව මල් පිපෙන ශාක මිහිමත පරිනාමය වීමයි. අදින් වසර මිලියන 125කට පමන පෙර වර්ථමානයේ ඊසාන දිග චීනය ලෙස හදුන්වන ප්‍රදේශයේ දී මිහිමත පලමු පුශ්පය හට ගන්නට ඇතැයි පරිසරවේදීන් ප්‍රකාශ කරනවා.ඔවුන් මෙය ප්‍රකාශ කරන්නේ වසර ගනනාවක් තිස්සේ සිදු කරන පොසිල විශ්ලේෂණයෙන් අනතුරුවයි. මෙම ආදිකල්පිත පුශ්ප පොසිලය Archaefructuc liaoningensis යනුවෙන් හදුන්වනවා.මෙම මල් විශේෂය ඉතා කුඩා මල්පෙති දෙකකින් සහ  ඉතාම කුඩා පත්‍ර කිහිපයකින් සමන්විත වෙනවා. සුලග සහ ජලය මගින් වෙනුවට ඉතිහාසයේ පලමු වතාවට සතුන් මගින් ව්‍යාප්ත වී අභිජනනය සිදුවන ශාක ඉන් අනතුරුව පෘතුවිය මත බිහි වීම ආරම්භ කරනු ලෑබු අතර එතෙක් කල් අසම්පූර්ණව පැවති ආහාර ධාමය යම්තාක්.දුරකට හෝ සම්පූර්ණ වීම ඉන් අනතුරුව සිදුවුනා. ඒ වගේම මීට වසර මිලියන ගනනාවකට පෙර මිහිමත වාසය කරන ලද ඩයිනොසර් සත්වයින් ද මෙම සපුශ්පික ශාක පරාගනයට මහත් සේ දායක උනු අතර ඔවුන්⁣ගේ සංක්‍රම...

පාර්ලිමේන්තු පනතකින් සර්පයින් තහනම් කර ඇති ලොව එකම රට

Image
පාර්ලිමේන්තු පනතකින් සර්පයින් තහනම් කර ඇති ලොව එකම රට ලෝකයේ සර්පයින්ගේ මහ ගෙදර ලෙස හදුන්වන්නේ ඕස්ට්‍රේලියාවයි.එයට හේතුව වන්නේ එකිනෙකට වෙනස් සර්ප විශේෂ 140කට වැඩි ප්‍රමාණයක් එහි ජීවත්වීමයි.නමුත් ඕස්ට්‍රේලියාවට ආසන්නම රට වන නවසීලන්තයේ කිසිම සර්පයකු දක්නට ලැබෙන්නේ නෑ.. පෘතුවි භූ තැටියෙන් සහ පොසිල ආශ්‍රිත ගවේශනයන්ගෙන් ලබා ගත් තොරතුරු අනුව වසර මිලියන 100කට ආසන්න ඉතිහාසයේ එකදු සර්ප පොසිලයක් හෝ නවසීලන්තයෙන් හමු නොමැත. පොසිලකරනයට අනුව පෘතුවියෙන් හමු වූ ලොව පැරණිම සර්ප පොසිලය හමුවී ඇත්තේ එංගලන්තයෙනි.එය වසර මිලියන 167ක් තරම් පැරණිය.ඒ වගේම ජුරාසික් යුගයට අයත් සර්ප පොසිල ඇමරිකාවෙන් සහ පෘතුගාලයෙන් ද හමු වී තිබෙනවා. ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ වාසය කර ඇති පැරණිම සර්ප විශේෂය වන්නේ මැටිඩ්සොයිඩී නම් විශේෂයයි..වැඩිදුරටත් සිදු කරන ලද ගවේෂණයන්ගෙන් පසු මෙම සර්ප විශේෂය මහද්විප කිහිපයකින් හමු වී තිබෙනවා. නමුත් ඕස්ට්‍රේලියාවෙන් හමු වූ මෙම සර්ප පොසිලය වසර් මිලියන 50කට ආසන්න වුවද භූ විද්‍යා පරික්ෂකයන්ගේ මතය වන්නේ ඒ වන විට සිදු වූ යම් භු විශමතා හේතුකොටගෙන නවසීලන්තය ඕස්⁣ට්‍රේලියාවෙන් වෙන් වී නවසීලන්ත දුපත් සමූහය බිහි...

නවීන යක්ශයකුගේ ආගමනය

Image
 නවීන යක්ශයකුගේ ආගමනය කොරෝනා වසංගතයෙන් මුළු ලොවක් උඩු යටිකුරු වී ඇති අවස්ථාවක අපට දැනගන්නට ලැබුනේ රුසියාව විසින් කිසිවකුට මෙල්ල කල නොහැකි අති නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ යුධ ටැංකියක් නිර්මාණය කර ඇති බවයි. වර්ථමාන ලෝකයේ පවතින ඉතාම ඉහල තාක්ෂණික මෙවලම් වලින් සපිරි යුධ ටැංකි ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට මෙම රථයට හැකි වී තිබෙනවා. සම්පූර්ණ ඩීසල් එන්ජිමකින් සහ ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් තුලින් ධාවනය වන මෙම යුධ ටැංකියට අශ්ව බල 2000කට අධික බලයක් සහිතව පැයට කිලෝමිටර් 80-90 අතර වේගයකට පහසුවෙන් ලගා විය හැකිය. මිනිසුන් තිදෙනෙකුට පහසුවෙන් ගමන් කල හැකි මෙම යුධ ටැංකියේ තවත් විශේෂයක් වන්නේ මේ දෙසට එල්ල වන ඕණෑම රොකට් හෝ මිසයිල ප්‍රහාරයකට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාවයි. සාමාන්‍යය යුධ ටැංකි නාශක බෝම්බ ප්‍රහාරයකට විනාශ කර නොහැකි පරිධි මෙය සකසා ඇති අතර ටොන් 43ක් බරැති මෙය නිර්මාණය කිරීමට ඇමරිකානූ ඩොලර් මිලියන 3.8ක මුදලක් වැය වේ. මෙහි උස මීටර් 8.7 ක් සහ පළල මීටර් 3.5 ක් වන අතර උසින් මීටර් 3.5 ක් වන මේ යක්ෂයාට කිලෝමිටර් 500ක දුරක් අවරණය කිරීමට ද හැකිය. @Brain©